පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45කට සීමා විය.
ඒ අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 17 දා තෙක් කල් දැමීමට කථානයක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉල්ලා අස්කර ගැනීමටද ආණ්ඩුවට සිදුවිය.
අද දිනට නියමිත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් විපක්ෂය ඊට අදාළ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේ නොමැතිවීම හේතුවෙන් අදාළ යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙක් පමණි.