පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොවිඩ් 19 පාලනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති කාර්ය සාධන බළකාය හා පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
මහ මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා වන බලය මැතිවරණ කොමිෂන් සභාවට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“උද්ගතව ඇති ප්රශ්නය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍ර යෝජනයට ගත යුතු නැත.”