පාර්ලිමේන්තුව 5 දා කැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග අද පෙරවරුවේ පැවැති හමුවකදීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාර නොවැම්බර් 16 දාට කල් තැබීමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් ඊයේ කථානායකවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද පැවැති අතර එහිදී පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ජනපතිවරයාගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණ බව කතානායක මාධ්‍ය ඒකකය පැවැසීය.
පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් කැඳවීමට තිබුණේ නොවැම්බර් මස 05 දායි. එදිනට අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.