පාර්ලිමේන්තු පොලිසියේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි ඩි ලයනල් මහතා පැවසීය
වැලිපැන්න ලෙව්වන්දූව උඩුමුල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස් පරික්ෂකවරයා නිවාඩු ලබා නිවසට පැමිණීමට පෙර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ගොස් තිබීන .
මත්ස්‍ය වෙළෙඳ පොළට ගිය යම් අයෙක් වෙතොත් ඉදිරිපත් වී පි සි ආර් පරීක්ෂක සිදුකරගන්නා ලෙස මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමගම මෙම උප පොලිස් පරික්ෂකවරයා ස්වෙච්ඡාවෙන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකල පි සිආර් පරීක්ෂණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා කීය
අදාල උප පොලිස් පරීක්ෂක වරයාගේ රෝගී වාර්තාව ලැබුණු සැනින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය බාර උසස් නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගත් බවත් උප පොලිස් පරීක්ෂකවරයා සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ගිය පොලිස් ජිප් රථයේ රියදුරු සහ පොලිස් නිලධාරියෙකු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දුන් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය