රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ විරෝධතා දැක්වීය.
මෙහිදී මන්ත්රීවරු නිරෝධායන නීති අනුගමනය නොකරමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.
ඔවුන් මුහුණු ආවරණ පැළඳ නොසිටි අතරම සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන්ද අවධානය නොකරන තත්ත්වයක් දක්නට ලැබුණි.