පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස්කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන සැකකරු මේ මස 23දා තෙක් තවදුරටත් රිමාන්ඩ්භාරයේ තබන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ්භාරයට පත් කෙරුණේ බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ නසාර්දීන් නිසලාම් නැමැති තැනැත්තෙකි.
පසුගිය 25දින පොලීසියට ලද තොරතුරක් අනුව පොලීසිය සහ ආරක්ෂක හමුදාව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුලූවීමේ අවසර පත් හයක්ද, පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයේ විස්තර ඇතුළත් සිතියක්මද, ජීව උණ්ඩ දෙකක් ද සොයාගනු ලැබීය.
එසේම නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක පිටුපස තට්ටුවේ මුල් නිෂ්පාදනය කළ කොටසට උඩින් ලී වලින් අතිරේක තට්ටුවක් ද නිර්මාණය කර තිබු නිසා පොලීසිය එම කැබ් රථයද අත්අඩංගුවට ගනු ලැබීය.
රැඳවුම් නියෝග මත දින දෙකක් සැකකරුගෙන් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 25දා ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. නිතීඥ භාණු මුණිප්රිය මහතා ඔහුට ඇප ලබාදෙන ලෙස එදින පෙනීසිටිමින් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු අද (09) දක්වා රිමාන්ඞ්භාරයට පත් කරනු ලැබීය.
බන්ධනාගාරය මගින් අද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ පසු 23දා නැවත රිමාන්ඞ්භාරයට පත් කරනු ලැබීය.