ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අයත් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉවත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ඔහු පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමත කරන ලද ස්ථානයක මුද්‍ර තබන ලද කන්ටේනර් තුළ මෙම අපද්‍රව්‍ය රඳවා ඇත බවයි.
එසේම වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පවසයි.