පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක්
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.
නැව ආසන්නයේ ඇති මුහුදු වතුරට විශාල තෙල් කා්දුවක් මිශ්‍ර වී ඇති අයුරු මෙම ඡායාරූප වලින් දැක්වෙයි.
මෙම තෙල් කාන්දුව මීටර් ගණනක් දිගට දැකිය හැකි බව ස්කයි නිවුස් සේවය වාර්තා කළේය.
රසායනි ද්‍රව්‍ය, පොලිතීන් කැට වැනි පරිසරයට අහිතකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර්ද සහිතව ගමන් ගත් මෙම නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ජුනි 02 දා සිට මුහුදු බත්වීම ආරම්භ විය.
මෙය ශ්‍රී ලංකාවේ අභාග්‍යසම්පන්නම සාගර පරිස දූෂණය ලෙසින්ද හැඳින්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් මත්ස්‍යයින්ගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසමින් තිබේ.
මෙහි සමුද්‍ර දූෂණය පිළිබඳව ජාත්‍යන්තර සංවිධානද අවධානය යොමුකර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

