එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සහකාර සාමාන්‍යධිකාරි සංජීව ලංකාප්‍රිය සමරනායක මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ඔහු අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා එම ඇපකරුවන්ගෙන් එක් අයකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බවටත් නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බව පැවසූ විනිසුරුවරයා එම තහනම් නියෝගය ආගමන හා විගමන පාලක, ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල් හා වරායන් වෙත දැනුම්දෙන ලෙසත් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් දැන්වීය.