කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පැවැසීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
අද (30දා) පැවැති මෙම සාකච්ඡාව සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳපුර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.
මේ අතර අනතුර සම්බන්ධයෙන් අදාළ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් හෙට (31) දිනය තුළ ප්‍රකාශ ලබාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.