අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින 20 පමණ වන සිසුන්ට හා ඔවුන්ගේ දෙමවුපියන්ට වහාම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට අක්කරෙයිපත්තු අධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම පිරිස පසුගිය 20 වැනිදා සිට සරසවියේ පරිපාලන ගොඩනැගිල්ලට පිවිස පරිපාලන කටයුතු සඳහා බාධාකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
විශ්වවිද්‍යාල පරිපාලනය කිසිම අවස්ථාවක එහි පරිපාලන ගොඩනැගිල්ල වසා නොමැති බවත් නීතිවිරෝධී ලෙස හැසිරෙන සිසුන්ට පොලීසිය සමග එක්ව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.