වයඹ පළාත් රාජ්‍ය සේවයේ හෙද, පරිපූරක, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා හිඟ අතිකාල නොගෙවීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව තම වෘත්තීය සංගමය 30 දා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත් එදින ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක, කථන චිකිත්සක සේවාවට අයත් සියලුව වෘත්තීය නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වෙන බවත් එම සංගමය පවසයි.
එසේ වෙතත් මානූෂීය හේතූන් මත හදිසි හා අත්‍යාවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් නිලධාරීන් සහාය දෙනු ඇති බවත් සංගමය පවසයි.