රතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
රතු පරිප්පු සහ සුදු සීනි දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු ආනයනය කිරීමට නියමිතයි.