අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව රහස් පොලිසිය විසින් ඔහු ඊයේ (07දා) අත්අඩංගුවට ගනු ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 මාර්තු 29 සහ 31 වැනි දිනවල පැවැත්වු බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව නීතීපතිවරයා විසින් කරන ලද ඉල්ලීම් පිළිගනිමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම මෙන්ම එහි අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 11 දෙනෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කළ නියෝගයකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරයකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා ලද මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ භාණ්ඩාගාර බැදුම්කර නිකුවේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
2015 මාර්තු 29 සහ 31 වැනි දිනවල පැවැත්වු බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රහස් පොලිසිය සිදුකළ විමර්ශන වල උධෘත නීතීපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරව එවකට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම මෙන්ම එහි අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 11 දෙනාට අදාළව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තු ලබාගෙන ඔවුන් වහාම අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබිණි.