පුරන් වු කුඹුරු අස්වැද්දිමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමිව නාවලපිටිය බව්වාගම කරන්දෙණිය වෙල්යායේ පුරන් වු කුඹුරු අක්කර 17 ක් අස්වැද්දිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් එම වෙල්යායේදි අද දින සිදු කෙරිණ.
එම කුඹුරු අස්වැද්දිම සදහා ශ්‍රම දායකත්වය පමණක් ගොවින්ගෙන් ලබා ගන්නා අතර , එම කුඹුරු අස්වැද්දිම සදහා එක් ගොවියෙකුට රු හතලිස්දහසක් බැගින් පොලි රහිත ණය මුදලක් ලබාදිමද අමාත්‍යවරයා විසින් අද දින සිදු කෙරිණ.
පුරන් වු කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
රජය විසින් පුරන් කුඹුරු අස්වැද්දිමේ ජාතික ව්‍යාපෘතිය යටතේ , අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කර ගන්න.අක්කරයට රු හතලිස් දහසක පොලිය රහිත ණයක් අපි ලබාදෙනවා. ගොවින්ට අවශ්‍ය බිත්තර වි ලබාදෙනවා.
පුරන් කුඹුරු අස්වද්දන්න අවශ්‍ය යන්ත්‍ර උපකරණ ටික ලබාදෙනවා. රු 50 – 55 දක්වා වි මිල ඉහල ගිහින් තියෙනවා. එ නිසා ගොවියාට හොද අවස්ථාවක්.රජය විසින් ලබා දිය යුතු සැමදේම ලබාදෙනවා . ගොවියාට තියෙන්නේ ශ්‍රමය වැය කරන්න විතරයි.
ආණ්ඩුව තිරණය කරලා තියෙනවා සහල් වල පාලන මිල රු 97 යි . රු 50 මිල දි ගෙන විකුණන්න පුළුවන්. සහල් මාෆියාව විසින් හැමදාම කරන්නේ සහල් මිල වැඩි කරන එක. මේක මාෆියාවක් තුන් හතර දෙනෙක් කරන්නේ.
ඊළග කන්නයේදි වි අලෙවි මණ්ඩලය විසින් වි මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිල දි ගන්න කටයුතු කරනවා.දැන් වෙන්නේ මොකක්ද රටේ සියලුම වි ගොවින්ගෙන් සහල් අලෙවිකරුවන් කිහිප දෙනෙක් විසින් වි මිල දි ගෙන රටේම සහල් මිල පාලනය කරනවා. එක් නවත්වන්න තමයි අපි වි මිල ගන්න කටයුතු කරන්නේ යනුවෙන් පැවසිය.