පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් 45 දෙනාගෙන් 40 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ආරක්ෂක අංශය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු අද (18දා) පියවර ගෙන තිබේ .
එම පිරිස අතර කාන්තා නිලධාරිනියන් 11 දෙනෙකුද සිටින අතර ඔවුන් පැණිදෙණිය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කොට තිබේ. අනෙකුත් නිලධාරීන් නාවලපිටිය, කුරුඳුවත්ත සහ තෙල්දෙණිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් කොට තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක කටයුතුවල නියුතු පිරිසක් යොමු කල බව පළාත් සෞඛ්‍ය සේවා බලධාරියකු පැවසීය .
කෝවිඩ් ආසාදිත නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ෂේන් සෙනෙවිරත්න