පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක ලෙස සේවය කළ පනස් දෙහැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබේ.
මියගිය රෝහල් සේවිකාව මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය 52 හැවිරිදි වියේ පසුවන අතර ඇගේ මරණයට හේතුව කොවිඩ් නිවුමෝනියාව බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇත.
උණ සමඟ ඇතිවූ කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම නිසා අදාළ සේවිකාව පී.සී.ආර් පරීක්ෂණයකට 21 දින භාජනය කර තිබේ.
රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මහනුවර දිස්ත්‍රික්කයේ මරණයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.