සංවර්ධනය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් සමස්ත ජනතාව තුළම ඇති බවත් මෙය යථාර්තයක් කිරීම සඳහා ප්‍රතිපත්තිගරුක දේශපාලඥයින් ඉදිරි මහ මැතිවරණයේදී තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ නොවිසුඳුනු ගැටලු රාශියක් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විසඳුම් ලැබී ඇති බව පෙන්වා දෙන රත්වත්තේ මහතා තවදුරටත් සඳහන් කරන්නේ නිදහසින් පසු විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් ඒවායින් ජනතාවට ලැබුණ ප්රතිලාභ පිළිබඳව විවිධ ගැටලු ඇති බවයි.
මහින්ද චින්තන කඩිනම් මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ආරම්භ කළ දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘති සෞභාග්‍යයේ දැක්ම තුළින් කන්ද උඩරටින් නැවත ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.