පරණ පාර්ලිමේන්තුව නියෝජනය කළ 208ක්ම යළිත් එන්න බලාපොරොත්තුවෙන්
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 208ක්ම නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙම හිටපු මන්ත්‍රීවරු 208න් 198ක්ම යළිත් තරග කිරීමට ඉදිරිපත්ව ඇති අතර තවත් හිටපු මන්ත්‍රීවරු 10ක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්ව සිටියි.
මේ අතරින් හිටපු මන්ත්‍රීවරු වැඩිම පිරිසක් ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණිනි. එම අගය 85කි. දෙවැනි ස්ථානයේ පසුවන සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 73කි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව ඇති මන්ත්‍රී සංඛ්‍යාව 16ක් වන අතර ඉලංකෙයි තමිල් අරුස කච්චි පක්ෂයෙන් 13ක් හා ජාතික ජන බලවේගයෙන් 05ක් ඉදිරිපත්ව සිටියි.
ඉතිරි 6 දෙනා පක්ෂ 6කින් ඉදිරිපත්ව සිටියි.
popular news
-
Deepal Nirosh Friday, 12 June 2020 10:03 AM
ආ ඒහෙනම් ඉතින් මහ මැතිවරණයක් අවශ්‍ය නැහැනෙ, ඔය පරණ පාර්ලිමේන්තුවම කැඳවා ගත්තනම් ඉවරනෙ. රුපියල් කෝටි 800ක් රටට ඉතුරුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

