මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පල කලේ ඊයේ (16) දින දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා,
පහුගිය දවස්වල මේ මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා යෝජනා කරනවා අපිට දොස් පරොස් කියනවා බනිනවා ඇයි ආණ්ඩුව මේ තරම් බය පරණ පාර්ලිමේන්තුව කැඳවන්න.
ජනාධිපතිතුමාගේ විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නැත්තං සැප්තැම්බර් මාසේ දෙවැනි දා වෙනකම් පාර්ලිමේන්තුව තියෙනවා. මේ පාර්ලිමේන්තුව කැඳවන්න මේ අය මෙච්චර බයයි කියලා ප්‍රශ්නයක්.
අද වෙද්දි විදේශාධාර රැසක් ඇවිල්ල තියෙනවා කොරෝනා අරමුදල වෙනුවෙන් මිලියන 1,000 කට අධික මුදලක් හම්බෙලා තියනවා. මේ රටට ලැබිච්ච මුදල් වගේම වැය කරන මුදල් සම්බන්ධයෙන් නියමිත විදියට පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුයි.
ඊටිඑෆ් එකේයි ඊපීඑෆ් එකෙයි මුදල් ගන්නවනං ඒවා ජනතාවගේ මුදල් ඒවට පාර්ලිමේන්තු අනුමැතිය තිබිය යුතුමයි. ඒ කිසි දෙයක් නැතුව මේ අය මේ මුදල් පරිහරණය කරනවා. ජනාධිපතිතුමාටත් මුදල් පරිහරණය කරන්න සීමාවක් තියෙනවා මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් එතුමාටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ විදියට රාජ්‍ය නිලධාරීනුත් හිතුමතේ මුදල් වියදම් කිරීමක් කරොත් වන්දි ගෙවන්න වෙනවා ඒ අයවත් ආරක්ෂා කරගන්න මේ සියල්ල වෙනුවෙන් තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කැඳවන්න ඒ අණ පනත් සම්මත කරගෙන මේ සඳහා ආණ්ඩු වගේම විපක්ෂ සහයෝගයක් අරගෙන කරන්න අවශ්‍ය කටයුතු සිදු කර ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම.
මේකට බයවෙන්න ඕනේ නෑ මේ කැඳවන්නේ ඊළඟට පාර්ලිමේන්තුවට එන අයමයි. ඒ අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙතන ඉන්නවා. මේක කුස්සිය මුල්ලේ ඉඳගෙන කඩපිලේ ඉඳගෙන විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මුදල් පිළිබඳ පරිපාලන බලය සම්පූර්ණයෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ වගකීම තියෙන්නෙ පාර්ලිමේන්තුවට
මම නීති විශාරදයෙක් නං නෙවෙයි ඒත් ජනාධිපතිතුමා මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කරපු ගැසට් නිවේදනය ඊයේ අවසන්. එතුමා ට සිද්ධ වෙනවා ගැසට් එක නැවත නැවත අවලංගු නැවතත් කතානායකතුමාට බලය පවරන්න හරි එහෙම නැත්නම් අලුතෙන් ගැසට් නිවේදනයක් ගහන්න සිද්ධ වෙනවා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන්.
මේ නිසා ව්‍යවස්ථාවේ ව්‍යාකූල තත්ත්වයක් ඇති නිසා තමයි අපි අධිකරණය සහය පතන්නේ මේ ප්රශ්නය අපිට විසඳලා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් 18,19 දෙන තීන්දුව අපි ඉහළින්ම පිළි අරගෙන ඒ අනුව කටයුතු කරන්න ලෑස්තියි
දැන් අර දවස් වල යකා වෙලා හිටියේ එම්සීසී ගිවිසුම ජනාධිපතිවරණය පහුවෙලා සතියක් ගිහිල්ලා පස්සේ කිව්වා ගම්මන්පිල මහත්තයා මේක සියයට හැත්තෑවක් හොඳයි මේ සීයට තුන ගැන තමයි අපි කතා කරන්නේ කියලා. ගෞරවනීය මහා සංඝරත්නයත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී රට බෙදන්න යනවා ශ්‍රී මහා බෝධියට යන්ඩ ඇමරිකාවේ වීසා ගන්න වෙනවා රුවන්වැලිසෑයට යන්න වීසා ගන්න ඕනේ මේ දේවල් කියලා තමයි පහුගිය කාලේ මේ ජනාධිපති මැතිවරණ මේ කට්ටිය කරළියට ගෙනාවෙ අපි එකක් කියනවා ගෝඨාභය මහත්තයා මේ එම් සීසී ගිවිසුම අනිවාර්යයෙන්ම අත්සන් කරනවා ඒක ස්ථිරයි.
කාංචන කුමාර ආරියදාස