පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විසින් විවිධ මත පල කර ඇතත් ,පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විම සුදුසු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (17) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පලකරමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සි.බි.රත්නායක මහතා කියා සිටියේ,
දේශපාලනයේ විවිධ යෝජනා තියෙනවා, පළාත් සභා මැතිවරණය තියන්න ඕනි අලුත් නිර්නායක වලට අනුව .70 – 30 යනවද කියලා අපිට තින්දුවක් තියෙනවා.
පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන එක සුදුසුයි කියලා තමයි අපි හිතන්නේ.
වරායේ නැගෙනහිර පරයන්තය කිසිසෙත් විකුණන්නෙත් නැ , බදු දෙන්නෙත් නැ එ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැහැදිලව ප්‍රකාශ කරලා තියෙනවා.
මට රිලවුන්ට සහ අලින්ට නිති දාන්න බැ , මිනිසුන්ට පමණයි නිති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක අමාත්‍යංශයක් තුලම ඉදගෙන කරන්න අමාරුයි , යථාර්තය තේරුම් ගන්න ඕනි අපි ඒ සදහා කටයුතු කරන්න ඕනි.
දැනට අක්කර පහක් තියෙන අයට තමයි ගිනි අවියක් දෙන්නේ , දැන් අක්කර ½ තියෙන අයටත් ලබාදිමට කටයුතු කරන්න වෙනවා පිඩා විදින්නේ ගොවියෝ, ජනතාව යනුවෙන් පැවසිය.