වර්තමානය වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල තුළ ප්‍රභල වී ඇති බවත් මිලේච්ඡත්වය රජ කරන විශ්වවිද්‍යාල වල සිසුන්ට නින්දිත ආකාරයට හිරිහැර කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හම්බන්තොට කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
“ලංකා ජාතික ශිෂ්‍ය සංගමය නොහොත් කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමය මීට අවුරුදු විස්සකට පමණ පෙර ඉතා ප්‍රබලයි. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් ඉතාමත් ප්‍රබලයි. අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලහත්කාරයන් මිරිකිලා තර්ජනය කරලා බය කරලා ම්ලේච්ඡ විදියට ළමයිව ඈඳගෙන ඉන්න පෙරටුගාමීන්ගේ ශිෂ්‍ය සංවිධානය අද ප්‍රබලයි.
උගතුන් මෙච්චර බිහිවෙන රටක පළාතකට විශ්වවිද්‍යාල දෙක තුනක් තිබෙන රටක උගතුන් වැඩිපුර ගැවසෙන රටක ඇමරිකාවේ නාසා ආයතනයේ ඉඳලා ඊශ්‍රායලයේ ද ඇමරිකාවේ ද ජපානයේ ද ලෝකයේ ඉහළම අධි තාක්ෂණය තිබෙන ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් ඉන්න රටක අද විශ්වවිද්‍යාලවලට වෙලා තිබෙන්නේ කුමක්ද? අහිංසක දරුවන්ට කරන්න තිබෙන තරම් හිරිහැර කරන්නේ මේ විභාග පාස් වෙලා යන අයගෙන්ම කොටසක් නේද?
ම්ලේච්ඡුත්වය රජකම් කරන විශ්වවිද්‍යාලවල අද දරුවන්ට කරන නින්දිත හිරිහැරවලට විරුද්ධව දෙමව්පියෝ අවදි වෙන්න ඕනෑ. මේවාට ගුරුවරු අවදි වෙන්න ඕනෑ. මේ රටේ උගතුන් කියන හැම කෙනෙක්ම මේවාට පෙරමුණ ගන්න ඕනෑ.
දරුවන්ගේ අත පය කඩනවා නම්, දරුවෝ මරනවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම වධහිංසා ඉවසගන්න බැරිව දරුවෝ සියදිවි නසා ගන්නවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම දරුවන්ට ලිංගික හිරිහැර කරනවා නම් පාස් වෙන විභාගවල ප්‍රතිඵලය කුමක්ද කියලයි අපිට අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ.”