පොළොන්නරුවට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග පස්වෙනි වරටත් පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු විවෘත කිරිම අද (18) දින පෙරවරුවේ වාන් දොරටු දහයෙන් 4ක් අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හතරෙන් තත්පරයකට ඝන අඩි 560ක ජල කඳක් පිටතට යැවෙන බවත් මෙවර මාස්කන්නයේ මහ වැසි ආරම්භවීමත් සමඟ පෙළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම හේතුවෙන් වැවේ වාන් දොරටු අද (09) පස්වරුවේ දි විවෘත කරන ලද්දේ තුන්වෙනි වතාවට බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා කීවේය.