අගුනුකොළපැලැස්ස බන්ධනාගාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව තවත් මරණ දණ්ඩනය හිමිවී සිටි සිරකරුවෙකුට කළුගලකින් ගසා ඝාතනය කර තිබේ .
මෙම ඝාතනය අද දහවල් 12.30ටපමණ සිදුකර ඇති අතර මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර ප්රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටි මේනක සංජීව නමැති වයස අවුරුදු 39ක් වන පුද්ගලයෙකු වේ .
මෙම ඝාතනය සිදුකල දෙදෙනාද මරණ දණ්ඩනය නියම වී සිටි නිමල් හා මෙන්ඩිස් යන අය බව බන්ධනාගාරය නිලධාරියෙකු පැවසිය. මේ සම්බන්ධයෙන් අගුනුකොළපැලැස්ස පොලීසිය එක්ව පොලිස් පරීක්ෂණ සිදුකරමින් තිබේ .
රාහුල් සමන්ත-හම්බන්තොට