කොවිඩ්-19 වෛරසයට එරෙහිව ලෝකයේ මේ වනවිට කතාබහට ලක්වන එන්නත් අතර ඉදිරි පෙළ සිටි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් නිපදවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අත්හදා බැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත් එක් පුද්ගලයෙකු පැහැදිලි කළ නොහැකි රෝගයකට ගොදුරුවීමෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන සායනික අත්හදා බැලීම් සඳහා විරාමයක් ලබාදෙමින් එහි ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කෙරෙන බව කියැවෙයි.
"ඔක්ස්ෆර්ඩ් කොරෝනා වෛරස එන්නතෙහි පාලනයකින් යුතුව සහ අහඹු ලෙස සිදුවන ගෝලීය අත්හදා බැලීම්වල කොටසක් ලෙස, අපගේ සම්මත සමාලෝචන ක්‍රියාවලියේ ගැටලුවක් උද්ගතව තිබෙනවා. ඒ අනුව ස්වාධීන කමිටුවක් විසින් ආරක්ෂිත දත්ත සමාලෝචනය කිරීමට ඉඩදීම සඳහා අපි ස්වේච්ඡාවෙන් එන්නත ලබාදීම නවතා දමනවා" යනුවෙන් ඇස්ට්‍රාසෙනෙකා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.