පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ෂ හාරලක්ෂ 25000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නිකවරටිය පුත්තලම පාර හෝටල් පරිශ්‍රයකදී බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු කීය.
පස් ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර දීමට හා එක් ගමන් වාරයකට රුපියල් දහස බැගින් ලබාදෙන ලෙස ඉල්ලා මෙම මුදල ලබාගනිද්දී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ශ්‍යාමන් ජයසිංහ