පන්නල බලවල ප්රදේශයේදී ඊයේ 07 දහවල් පියෙකු විසින් තම පුතාට පිහියකින් ඇනීමෙන්් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දඔදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකරයවා ඇතිබව පන්නල පොලීසිය කියයි.
මෙලෙස රෝහල්ගතකර ඇත්තේ අධිකාරී ආරච්චිලාගේ ප්රියන්ත වීරසිරි නැමති 42 හැවිරිදි අයෙකු බවත් ඔහු පියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම පිහිඇනුම සිදුව ඇති බවට පොලීසිය සැක පලකර සිටියි.
මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන 69 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (08) කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරීමට නියමිතය .