මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ඇතැම්විට පියෙකුට කටයුතු කරන ආකාරයෙන් අමිහිරි දෑ කිරීමට සිදුවෙනු ඇති බවත් තමා අමාත්‍යවරයා ලෙස සායකයෙක් ලෙස වැඩ කිරීමට සූදානම් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසී්‍ය.
“වැඩකරන සියලු දෙනාගේ සහාය අපිට අවශ්‍යයි. මම කටයුතු කරන්නේ ඔබගේ ඇමැතිවරයා විදිහට වඩා ඔබගේ සහායකයා විදිහට. ජනපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වය මග පෙන්වීම අපිට අවශ්‍යයි.
සියලු මහජන නියෝජිතයින්ගේ සහාය අවශ්‍යයි. මේක ලොකු අමාරු කාර්යයක්. අපි සියලු දෙනාම එකට වැඩ කරමු.
අපේ ප්‍රමුඛතාවය විය යුත්තේ පොදු ජනතාවගේ ප්‍රමුඛතාවයයි. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපි දන්නවා. සමහර වෙලාවට පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල්”