පියා විසින් සිය පුතා විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බව පොලීසියපවසයි. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ මාතර, වල්ගම පදිංචිව සිටි අවුරුදු 30ක් වූ උදාර මධුශංක නැමැත්තෙකි.
සැකකරු සිය වැඩිමහල්ම පුතා ඝාතනය කිරීමෙන් අනතුරුව වසර 7ක සිර දඬුවමක් ලබා නැවත නිදහස් වී පැමිණි අයෙකි.
මේ සම්බන්ධයෙන් පියා හා මරණකරු අතර ආරවුලක් තිබී ඇත. සැකකරු විසින් මරණකරුගේ නිවස ආවරණය වන පරිදි කරන්ට් වයර් ඇඳ ඇති අතර පසුව ඒම ස්ථානයට පැමිණි පුතා ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන තිබේ.