ඉදිරි පැය කිහිපය තුළදී මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද හා වයඹ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අකුණු සහිත ඉතා තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද රාත්‍රී 11.30 පමණ වන තෙක් මෙසේ ඉතා තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ විශේෂ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි මෙන්ම ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.