පැය 48ක කාලයක් තුළදී සිදු වූ දුම්රිය අනතුරු තුනකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තිබේ.
පෙරේදා (10දා) රාත්රී 7.10ට පමණ වැලිකන්ද, බෝඅත්ත දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීම නිසා පියෙකු සහ දරුවන් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.
දරුවන් දෙදෙනා 05 සහ 11 හැවිරිදි වන අතර, පියාගේ වයස අවුරුදු 37කි.
පියා විසින් හිතාමතා දරුවන් දෙදෙනා සමග දුම්රියට පැන ඇතැයිතොරතුරු වාර්තා වෙමින් තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව එදින දහවල් වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් ඇත.නුවර සිට මාතර බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ.
එමෙන්ම 08 වැනිදා රාත්රී 9.45ට පමණ ගනේමුල්ල හා බුළුගහගොඩ දුම්රිය ස්ථාන දෙක අතරදී කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීම නිසා 23 හැවිරිදි තරුණයෙකු හා තරුණියක මියගොස් තිබේ.
08 වැනිදාරාත්රී 9.00 සිට 10 වැනිදා රාත්රී 8.00 දක්වා කාලය තුළ සිදු වූ අනතුරු නිසා මෙම 06 දෙනා මියගොස් ඇත.