කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගීන් ගුවන් යානා 12ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 820 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 06 කින් ගුවන් මගීන් 326 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 152 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 70 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 46 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 06 කින් ගුවන් මගීන් 425 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි
ඒ අතර ඉන්දියාවේ නවදිල්ලි වෙත 274 දෙනෙකු ද , ඕමානයේ මස්කට් වෙත 80 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .