පැය 10 ක කාලයක් ඇතුලත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 50 ක ට වැඩි ප්‍රමාණයක් 23 දින අලෙවි කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.
රජය විසින් පනවා තිබූ ඇඳිරිනීතිය 23 දින උදෑසන හයට ඉවත් කෙරුණ ද අලුයම 4 සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කොට පස්වරු 2 පමණ වනවිට දිවයිනේ සෑම ප්රදේශයකින්ම ලැබුණු එළවළු කිලෝ ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් දීවයිනේ සෑම ප්‍රදේශයකම පැමිණි වෙළඳුන් විසින් මිලදීගෙන ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි රථ පන් දහසකට වැඩිය ප්‍රමාණයක් පැමිණ තිබෙන බවත් විදේශ රටවලින් ගෙන්වන ලද අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිය මේ හා සමානවම පැවති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
වෙනත් වසර වල සිංහල අලුත් අවුරුද්ද උදාවට දින කිහිපයක් තිබියදී මේ හා සමානව එළවළු තොග අලෙවි කිරීම සිදු වන නමුත් රටේ පැවැති තත්ත්වයත් සමග බොහෝ වෙළෙන්දන් සහ ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින පැමිණ තිබුණු බවද විජේරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු විශාල ප්‍රමාණයක් අලෙවි වීම නිසා රටේම ජනතාවගේ එළවළු අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ලබා දීමට ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ බොහෝ ගොවීන්ට හැකිවීම සතුටට කරුණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.