දින 10 ක පමණ කාලයකදී මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැල් දෙකකින් කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙකු පමණ වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිලධාරී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.
ඉකුත් 8 වැනි දින රෙදිපිළි වෙළෙඳ සැලක පුද්ගලයකුට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන් 45 නිරෝධයට ලක්කර පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව එයින් 17 දෙනකුට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බව වෛද්‍යවරිය පැවසුවාය.
ඉකුත් 18 වෙනි දින ද තවත් රෙදිපිළි අලෙවි සැලකින් ආසාදිතයෙකු වාර්තා වූ බව ත් එම වෙළඳසැල් විසබීජහරණය ට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් සේවක පිරිස් යොදවා ඒවායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන් බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.