පුත්තලම නගරයේදී අද (3දා) හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පෙබරවාරි මාසයේ විදේශගතව පැමිණි අයෙකු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙසේ කොවිඩ් 19 ආසාධිතයකු බවට හදුනාගෙන ඇත්තේ පුත්තලම වෙට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂණ එන් .සුරේෂ් මහතා පවසා සිටියේ මෙම කොවිඩ් ආසාදිතයා පසුගිය පෙබරවාරි 27 දින මෙරටට පැමිණ ඇති බවයි.
එසේම මෙම පුද්ගලයා නැවත විදේශ ගතවීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකින් ජෛව පටල සාම්පල පරික්ෂාවක් සිදුකර ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර තිබේ.