73 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව පෙබරවාරි මස 01 දා සිට 07 දා තෙක් ජාතික කොඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
කොවිඩ් වසංගත තත්වය යටතේ නිදහස් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා.
එහිදී සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අනුව චාම්ව හා ගාම්භීරව මෙම උත්සවය පැවැත්වීමට තීරණය කළා. පෙබරවාරි මස 01 වැනිදා සිට 07 වනදා දක්වා රජයේ හා පෞද්ගලික ආයතන වල මෙන්ම නිවාස වලද ජාතික ධජය ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිනවා.
73 වන නිදහස් සැමරුමට සමගාමිව ග්‍රාමීය හා නාගරික රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්රයහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා”