පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පාපැදි සවාරිය ඊයේ(19) පෙරවරුවේ දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණු අතර එහි තරඟ සමාරම්භක සංඥාව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් ලබා දී ඇත.
මේ පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් 19 දින පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අදාල සිද්ධිය පිලිබදව විමර්ශනයක් ආරම්භ කරන බවයි.