ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය 2030 වනවිට 70%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාද වී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම පිණිස ඊට සම්බන්ධ සියලු අංශ නොපමාව කටයුතු කළ යුතු බව සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පසුගිය වසර 07 ක් වැනි කාලසීමාවක් තුළ , දියත් කිරීමට සැලසුම් සකස් කර ටෙන්ඩර් කැදවු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් අදාළ ව්‍යාපෘති ලබාගත් සමාගම් විසින් මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා , පසුගියදා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යටතේ ප්‍රමාද වී ඇති මෙගා වොට් 550ක පමණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කඩිනම් කිරීම, හා පද්ධතියට එකතු කර ගැනීමට කටයුතු කිරීම සඳහා විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශවලට පසුගියදා කැබිනට් අනුමැතියද හිමි වී ඇත.
මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව ඇති හෙක්ටයාර් 30, 000 ක පමණ ජලාශ මතුපිට වපසරියෙන් 25%ක ප්රතිශතයක සූර්ය බලාගාර ඉදිකිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය සියළු දත්ත විදුලිබල අමාත්‍යාංශයට හා සුර්යබල, සුළං, හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට මහවැලි අධිකාරිය කටයුතු කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” මධ්‍යකාලීන සංවර්ධන ප්‍රවේශයට අනුව මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් මෙගා වොට් 3,000 ක් පමණ සූර්යබල විදුලියෙන් සපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම පිණිස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හෙක්ටයාර් 7, 500 ක පමණ ජලාශ මතුපිට වෙන් කිරීමට තීරණය කර ඇත.