දිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයෙකු මරණට පත්වීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් පානම වනජීවී කාර්යාලය අලාභ හානි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙසේ වනජීවී කාර්යාලයට අලාභ හානි කළ පුද්ගලයන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පානම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වන අතර සැකකරුවන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.