පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කරයි
- 23 04 2020
- 12:33
- {{hitsCtrl.values.hits}} views
- ..
පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කිසිදු කොරන ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවීම හේතුවෙන් එය විවෘත කර සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23දා) ලිඛිතව දැනුම් දුන් බව මහරගම සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.
බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරේ පදිංචි 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ඉකුත් 18 වෙනිදා එම රෝහල කරා ගොස් තිබිණි.
ඒ හේතුවෙන් එම පුද්ගලයාට ප්‍රතිකාර කළ හෙදිය ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු එම රෝහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නිරෝධනයට ලක් කර එම පෞද්ගලික රෝහල වසා දැමීමට ලබා දුන් බවත් අනතුරුව කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ද නිරෝධනයට ලක් කෙරෙණි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
