වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළා ගිය 43 හැවැරිදි කොවිඩ් ආසාදිත රෝගියා අද උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලීසිය විසින් ඇහැලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නිරෝධායන රීතීන් අනුව ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන යාමට නියමිත බවත් ඔහු ඇහැලියගොඩට පැමිණි ආකාරය පිළිබඳව සොයා බැලීමට නියමිත බවද ඔහු පැවැසීය.