රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කොට ඇතැයි පිංවත්ත පොලීසිය කියයි
පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියංග (පො.ජ.පෙ) මහත මෙලෙස රෝහල්ගත කොට ඇත. ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදී අද (22) පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඇත. පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.
පහරදීමට සම්බන්ධ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. පිංවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප ලක්ෂ්මන් දිසානායක මහතා ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ