පානදුර පල්ලිය මුල්ල හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද ( 25) ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානදුර වලාන ගැමුණු මාවත පදිංචිව සිටි සඳරුවන් ලක්ෂාන් සංජීව 32 විවාහක පුද්ගලයෙකි .
රැකියාව වශයෙන් ධීවර කටයුතු යෙදෙන්නෙක් බව පොලීසිය සඳහන් කරයි
ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමග මොරටුව දෙස සිට පරණ පාර ඔස්සේ පානදුර දෙසට පැමිණෙමින් සිටියදී පල්ලිය මුල්ල හංදිය අසලදී දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ත්‍රිරෝද රථය නතර කර ඇතැයි පොලිසිය කියයි .
එම අවස්ථාවේදී ඔවුන් අඳුරන පුද්ගලයෙක් තිරෝද රථය අසලට පැමිණ ඇති අතර ඒ සමගම මොරටුව දෙස සිට පැමිණි යතුරුපැදියක් ත්‍රිරෝද රථයට මඟ හරස් කර ඒ පිටුපස සිටි පුද්ගලයා ත්‍රිරෝද රථය පිටුපස සිටි ඝාතනයට ලක්වූ පුද්ගලයාට ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාවිරහිත වී ඇතැයි පොලිසිය කියයි .
ඒ සමඟම එම පුද්ගලයා යතුරු පැදිය පදවාගෙන පැමිණි පුද්ගලයාට "නමය දියං,""නමය දියං" යනුවෙන් පැවසීමත් සමඟ ඔහු සඟවා ගෙන සිටි කුඩා ගිනි අවියක් ලබාදී තිබු බවත් එම ගිනි අවියෙන් ද වෙඩි තැබීමෙන් අනතුරුව යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
අනපේක්ෂිත සිද්ධියත් සමඟම බියට පත් වූ ත්‍රීරෝද රථ රියදුරු සහ අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් බිමට බැස අතුරු පාරක් ඔස්සේ දිව ගොස් ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය .
බිමල් ශ්‍යාමන්