කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් සහ කොවිඩ් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප්‍රසන්න ගිනිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (9දා) පැවති
කොවිඩ් සම්බන්ධීකරණ කමිටුවේ දී එම තීරණය ගත් බව අධ්යක්ෂවරයා කීය. කොරෝනා රෝගීන් සඳහා කළුතර දිස්ත්‍රික්කයේ වෙන් කෙරුණු ප්‍රථම රෝහල මෙම රෝහල බව අධ්යක්ෂවරයා කීය.
පානදුර මූලික රෝහලේ මේ වන විට කොරෝනා රෝගීන් වාට්ටු දෙකක ප්‍රතිකාර ලබන බව අධ්යක්ෂවරයා කීය.
එම රෝහලේ දැනට ප්‍රතිකාර ලබන අනෙක් රෝගීන් හොරණ මූලික රෝහල හා කළුතර මහ රෝහල වෙත මෙන්ම කලුබෝවිල ශීක්ෂණ රෝහල වෙත යොමු කිරීම සඳහා තීරණය කළ බවත් අධ්යක්ෂවරයා කීය.
කොවිඩ් සම්බන්ධීකරණ කමිටුවේ දී ගත් එම තීරණය සම්බන්ධයෙන් අවසර ඉල්ලා ඊයේ (9දා) දිනම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව වෛද්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.