තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙන නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ජනතාව ගැන සිතා බේකරි ආශ්රිත අනිකුත් ආහාර ද්‍රව්‍ය මිළ ඉහළ නොදමන බවද එම සංගමයේ ලේකම් රියන්සි විතානගේ මහතා සඳහන් කළේය.