තිරිඟු පිටි ඉහළ දැමීමට සාපේක්ෂව පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පවතින බදු සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අනතුරකට ලක්වෙමින් තිබෙන බවද එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේය.
එහෙත් තිරිඟු පිටි මිල ඉහළයෑමට සාපේක්ෂව කෙටි ආහාරවල මිල ඉහළ දැමීමට තීරණය කර නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවත්, අදාළ මිල පිළිබඳ අද (03දා) තම සංගමයේ කමිටුව රැස්ව තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කරන බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල පසුගිය 31 වැනිදාමධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රුපියල් පහකින් ඉහළ දමා තිබෙන බවද බේකරි හිමියෝ පෙන්වා දෙති.