සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී සීගිරිය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ මෙම ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.