ඓතිහාසික පිදුරංගල රජමහා විහාරයේ පිහිටි ගල මත සිට අඩනිරුවතින් ඡායාරූප ගෙන මුහුණුපොත හරහා අන්තර්ජාලයට මුදාහැරි බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද තරුණයන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිස්ස දෙවගොඩ මහතා පවසා සිටියේ, මෙම සැකකරුවන්ට පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි.
ඒ අනුව ප්‍රථමයෙන් නඩුව විභාගයට ගෙන කල්තැබූ විනිසුරුවරයා, නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසු පුරාවිද්‍යා වාර්තාව ලැබෙනතෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
එස්. කරුණාරත්න