කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එම මන්ත්‍රීවරයා විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කර තිබේ.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත නොතිසි ද නිකුත් කර තිබේ.