ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලූ වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.
මීට වසර 12කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරුවන් විසින්ම සිදුකොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා ඔවුන්ට මරණ දඩුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඩුවම් නියම වුයේ කොළඹ 14, ග්රැන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඕ.ඒ. දර්ශන, එච්.ටී. සිතකැලූම්, ටී. ජයන්ත හේරත් සහ ලතීෆ්ඞීන් මොහොමඞ් ඉම්රාන් නමැත්තන්ටය.
විත්තිකරුවන් සමඟම චෝදනා ලැබ සිටි නිජාබ්දීන් මොහොමඞ් රින්ෂාන් නමැත්තාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු නිදොස් කොට නිදහස් කළේය.
2007 දෙසැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න කාලය තුළ කොළඹ ග්රැන්ඞ්පාස් ප්‍රදේශයේදී සිටීවන් ජෙයචන්ද්‍රන් හෙවත් සින්නප්පු නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් හා මියිගිය පුද්ගලයා අතර ඇතිවු ආරවුලක් හේතූවෙන් විත්තිකරුවන් සිවුදෙනෙකු විසින් පොලූ වලින් ගසා පිහිවලින් කපා මෙම ඝාතනය සිදුකොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම විත්තිකරුවන් සිවුදෙනාට මරණ දඩුවම් නියම කළ අතර නඩුවේ 03 වැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව සඳහන් කරමින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.